පළාත් පාලන ඡන්ද පෙත්සමක් හෙට කැඳවයි

78


රට තුළ ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇත.

එම පෙත්සම එස් තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතය.

එම පෙත්සම ඉකුත් 10 වැනිදා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වැඩිදුර සලකා බැලීම ලබන 23දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment