පළාත් රැසකට අද සිට සවස් වරුවේ තද වැසි

124

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායු ගෝලයේ වර්ධනය වී ඇති කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් අද (31දා) සිට දින 3ක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂිකා ශිරෝමණී ජයවර්ධන මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය.

අද දිනයේ මිලි මීටර් 100 ඉක්මවූ ගිඟුරුම් සහිත තද වැසි අපේක්ෂා කරන බව ද ඇය කියා සිටියාය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, ඌව, වයඹ, උතුරු මැද, ඇතුළු පළාත් රැසකටම තද වැසි ඇති විය හැකි බව ද ඈ සඳහන් කළාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment