පළාත් සංචරණ සීමා හෙට උදේ 4 ට අවසන්… පාසල්වල සා.පෙළ/උසස් පෙළ පංති ඇරැඹීමේ තීරණයක්!

176

පොදු ස්ථානවලදී එන්නත් කාඞ්පත අනිවාර්ය කළ හැකි දැයි සොයයි

සෞඛ්‍ය උපදෙස් යටතේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ අදහසක් දැනට කි‍්‍රයාත්මක අන්තර් පළාත් සංචරණ සීමා හෙට (31 දා) අලූයම 4.00 න් පසුව ඉවත් කිරීමට කොවිඞ් මර්දන කමිටුව තීරණය කළේය. ඒ අනුව දුම්රිය ධාවනයද හෙට(01 දා) සිට සාමාන්‍ය පරිදි දිවයින පුරා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යෑම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹි බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කමිටුවේදී සඳහන් කළේය. කොවිඞ් මර්දන කමිටුව ඊයේ (29 දා) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

කොවිඞ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතළ ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර සියලූ පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලබාදී තිබෙන බවද මෙහිදී අනාවරණය කෙරිණි. ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැනුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් කි‍්‍රයාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

විශ්වවිiාල පළමු වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී තිබේ. පොදු ස්ථාන, වෙළෙඳසල්, ආපන ශාලා ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඞ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයාබැලීමට ද තීරණය කර ඇත. එන්නත ලබා නොගන්නා පිරිස්වලට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට කොරෝනා නීති ප‍්‍රකාරව ප‍්‍රතිපාදන ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය බලධාරීහු ඒ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව ද සඳහන් කළහ.

පාසල් දරුවන් එන්නත්කරණය සඳහා ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය ද ජනාධිපතිවරයාගේ අධීක්‍ෂණයට ලක් කෙරිණි.

කොවිඞ් මරණ අනුපාතය සහ ආසාදිතයන් අඩුකර ගැනීමට එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති ජනාධිපතිවරයා දුෂ්කර ප‍්‍රදේශවල එන්නත්කරණයට ජංගම රථ යොදවමින් සියලූ ජනතාවට එන්නත ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන ලෙස උපදෙස් දුන්නේය. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, ග‍්‍රාමසේවා නිලධාරීන් සහ ප‍්‍රාදේශීය දේශපාලන අධිකාරියේ ද සහය ඒ සඳහා ලබා ගන්නා ලෙස ද දැනුම් දෙනු ලැබීය.

එන්නත්කරණය පිළිබඳ විවිධ කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප‍්‍රචාර පිළිබඳ පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරුන් ජනාධිපතිවරයා වෙත කරුණු හෙළි කර ඇත. එන්නත්කරණය පිළිබඳ ජනතාව තුළ අනවශ්‍ය බියගැන්වීම් ඇති කිරීමට උත්සාහ කරන සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සංවිධානගත කණ්ඩායම් පිළිබඳ වහාම සොයා බලන්නැයි ද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

කොරෝනා හමුවේ අභියෝගයට ලක්වූ ආර්ථිකය යළි පණගැන්වීමේ ප‍්‍රමුඛ අංශය ලෙස සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබේ. ඊට අදාළ නව තීරණ රැුසකට කඩිනමින් එළැඹීමේ අවශ්‍යතාවය සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින් පෙන්වා දෙනු ලැබිණි. සෞඛ්‍ය විශේෂඥ උපදෙස්වලට යටත්ව සංචාරක කර්මාන්තය ඉහළට ගැනීමට වඩාත් උනන්දුවෙන් සියලූ දෙනා සහයෝගය දියයුතු බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ඉදිරියේදී මෙරට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර කී‍්‍රඩා තරගාවලි මෙරටට පැමිණ නැරඹීමේ අවස්ථාව විදේශ පේ‍්‍රක්‍ෂකයන්ට ලබාදීම කෙරෙහි ද දීර්ඝ ලෙස සාකච්ඡුාවට ලක්විය. ඔවුන් ජීව බුබුළ තුළ රඳවා ගනිමින් පහසුකම් සැපයීමේ හැකියාව ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දුන්හ.

ඉදිරියේදී මෙරට පැවැත්වෙන එල්. පී. එල්. තරගාවලිය ඇතුළු තවත් බොහෝ තරග නැරඹීමට පේ‍්‍රක්‍ෂකයන්ට මෙරටට පැමිණීමට අවස්ථාව සලසා දෙන ලෙස දෙස් විදෙස් තරග සංවිධායකවරුන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබී ඇති බවත්, එය සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනයට සහ විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් බවත් අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment