පළාත් සභා අහෝසියි: නව ව්‍යවස්ථාව පෙබරවාරියේ

1950

විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට බලතල සහිත අගමැති පදවියක්

ලබන මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීමට නියමිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මූලික සැලැස්මේ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පරිදි අගමැති තනතුරක් ඇති කිරීම සඳහා යෝජනා කර තිබෙන බවත්, ඒ අනුව දැනට පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි වනු ඇති බවත් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට පත් කෙරුණු ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පළාත් සභා ක‍්‍රමය ඇතුළත් කර නැති හෙයින් නව ව්‍යවස්ථාවෙන් පළාත් සභා ක‍්‍රමය ද අහෝසි වනු ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය.

පෙබරවාරි මස මුල් සතියේ දී මෙම කමිටුව සිය මූලික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය සකසා අවසන් වූ පසු එය ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතය. නව ව්‍යවස්ථාවේ මූලික රාමුවේ බොහෝ කරුණු සඳහා පොදු එකඟතාවක් පවතින හෙයින් පාර්ලිමේන්තුවේදී මෙයට අදාළව විවාද කළ යුත්තේ සියයට දහයක පමණ කොටසක් බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ප‍්‍රකාශ කරයි. ඒ අනුව මෙම වසරේදී නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment