පළාත් සභා ඡන්දයට මැතිවරණ සංශෝධන කඩිනමින් ගෙනෙනවා – අගමැති

113

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ සංශෝධන කඩිනමින් සිදුකරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ ට ඊයේ (10දා) පැවැසීය.

පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය පිළිබඳව මේ දිනවල කෙරෙන කතාබහ සම්බන්ධයෙන්  අගමැතිවරයාගෙන් කළ විමසුමකදී ඒ බව කියා සිටියේය.

කෙසේ වෙතත්, පළාත් සභා මැතිවරණයක අවශ්‍යතාව සලකා බලන්නේ රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන යැයි ද අග‍්‍රාමාත්‍යවරයා කීවේය.

රටේ ජනතාවට පළාත් සභා මැතිවරණයක අවශ්‍යතාව පෙනෙන්නට නැතැයි ද ඊට හේතුව ශ‍්‍රී ලංකාවේ අද පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා විය හැකි යැයි ද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, ආණ්ඩුවට මැතිවරණයට මුහුණදීමේ හැකියාවක් ඇතැයි ද ජනතාව ආණ්ඩුව කෙරෙහි තබා තිබෙන දැඩි විශ්වාසය පළුදුවී නැතැයි ද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පළිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment