පළාත් සභා ඡන්දය කඩිනම් කරන්නැයි ශ‍්‍රීලනිපය ඉල්ලයි

91


පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස් වූ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පැමිණි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නියෝජිතයෝ ඉල්ලා සිටියහ.
සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කාරක සභාව, හමුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අද යළි සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී මෙම ඉල්ලීම කළහ.

මෙරට ඡන්ද ක්‍රමයේ විය යුතු වෙනස්කම් පිළිබඳ සිය අදහස් හා යොජනා ඉදිරිපත් කළ ශ‍්‍රීලනිප නියෝජිතයෝ පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් වන නීතීමය ගැටළු විසඳා ගැනීමට කල්ගත වන්නේ නම් පවතින නීතිමය තත්ත්වයන් අනුව පළාත් සභා ඡන්දය ඉක්මණින් පැවැත්වීම කෙරෙහිද අවධානය යොමු කරන ලෙස පැවසූහ. මීට අමතරව පළාත් පාලන ඡන්ද ක්‍රමය සහ මැතිවරණ වියදම් පිළිබඳවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ ලේකම් බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු මෙම රැස්වීමට සහභාගි වූහ.

මෙම කාරක සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.එල්.පීරීස්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා , විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ, එම්.යු.එම්.අලි සබ්රි යන අමාත්‍යවරුන් සහ ජීවන් තොන්ඩමන්, රවුෆ් හකීම්,අනුර දිසානායක, කබීර් හෂීම්, ආර්.එම්.රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්.ඒ.සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මන්ත්‍රීවරුන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment