පළාත් හතරකට අද තද වැසි

81

බස්නාහිර, මධ්‍යම, සබරගමුව හා ඌව යන පළාත්වලට අද (16දා) දිනයේද මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල මහත්මිය “දිවයින” ට පැවැසුවාය.

මීට අමතරව සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව ද ඇය කියා සිටියාය.

ලබන 18 වැනිදා වන විට නිරිතදිග ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළාය.

ගතවූ පැය 24 තුළ දිවයිනෙන්ම වැඩිම වර්ෂාපතනය රත්මලාන ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, එය මිලිමීටර් 154.7ක් බවත් ඇය කියා සිටියාය.

දිවයිනේ බොහෝ පළාත්වලට පැවැති රස්නය ක්‍රම ක්‍රමයෙන් පහවී යන නමුත් උතුරු පළාතේ රස්නය තවදුරටත් පවතිනු ඇතැයි ද ඇය කීවාය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment