පළාත් 4කට අද – හෙට දැඩි වැසි

548

අද සහ හෙට (21, 22) උතුර, උතුරු මැද,  නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 02 – පිටුවට

ඊට අමතරව බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව්, වවුනියා දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවල මි. මී. 50 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියා සිටී.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment