පළාත් 5 කට ගාල්ල – මාතරට අදත් ගිගුරුම් වැසි

108

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්,ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද (08 දා) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත් වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක 50 ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment