පළාත් 5 කට සහ අම්පාරට අද වැසි

89

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් අද (20 වැනිදා) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් ද කාලගුණ විiා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment