ප්‍රංශය මීගමු වෙරළේ රජ වෙයි

228

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) බීච් වොලිබෝල් තරගාවලියේ පිරිමි සහ කාන්තා අංශ ශූරතා ද්විත්වයම දිනා ගැනීමට ප්‍රංශ ක්‍රීඩකයෝ සමත් වූහ.

මීගමුව වෙරළ තීරයේදී මෙම තරගාවලිය පැවැති අතර එහිදී පිරිමි අවසන් තරගයේදී ජර්මනිය වට 2-1ක් ලෙස ද, කාන්තා තරගයේදී ශ්‍රී ලංකාව වට 2-ක් ලෙසද පරාජය කිරීමට ප්‍රංශය සමත් වූයේය.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර, ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (CISM) බීච් වොලිබෝල් තරගාවලියේ සංවිධායක කමිටු සභාපති එයාර් වයිස් මාර්ෂල් නිෂාන්ත තිලකසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment