ප්‍රංශ ගුවන් මගියාගේ බෑග් එකේ ගිනි අවි දෙකක් – ප්ලාස්ටික්වලින් හදපුවා

291

ප්‍රංශයේ සිට පැමිණි ගුවන් මගියකුගේ ගමන් බෑගයක් තුළ රිවෝල්වරයක් සහ පිස්තෝලයක් තිබී කටුනායක ගුවන් තොටුපළ පොලිසිය විසින් 02 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරිවරයෙක් පැවසීය.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි මෙම 65 හැවිරිදි ද්‍රවිඩ ජාතික ගුවන් මගියා 02 වැනිදා රාත්‍රී 06.30 ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක් වැරදීමකින් වෙනත් ගුවන් මගියකු රැගෙන ගොස් තිබූ අතර පසුව එම මගියා ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින්, ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමෙන් සොයා ගෙන, අවශ්‍ය නිවැරැදි කිරීම සිදු කර තිබේ.

පසුව එම ගමන් මල්ල ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍රයක් (ීජ්බ ඔැිඑ) මගින් නිරීක්ෂණය කිරීමේදී, එය තුළ පිස්තෝලයක් සහ රිවෝල්වරයක් තිබෙන බව හඳුනා ගෙන තිබේ.

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම ගුවන් මගියා සහ මෙම අවි සහිත ගමන් මල්ල අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය වෙත රැගෙන ගිය මෙම අවි වැඩිදුර නිරීක්ෂණය කිරීමේදී මේවා ප්ලාස්ටික්වලින් නිෂ්පාදන කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපතිවරයාට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම ගුවන් මගියා ඇප මත මුදාහැර තිබේ.

මෙම අවි දෙක දුඹුරු සහ නිකල් පැහැයෙන් යුතු අතර ඒවා ස්පාඤ්ඤයේ නිෂ්පාදනය කර තිබේ. ඒවා මත (ෂාස්ක ෘමප) ලෙස සදහන් කර තිබේ.

මෙම අවි දෙක පිළිබඳව වැඩිදුර විමර්ශනය කර වාර්තාවක් ලබා ගැනීම සඳහා කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත යොමු කර තිබේ.

මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.
කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment