ප්‍රංශ චිත්‍රපට උළෙලකට ඉන්දීය වාර්තා චිත්‍රපටයක්

112


මෙම මස 28 වැනිදා සිට මාර්තු මස 07 වැනිදා දක්වා ප්‍රංශයේ වෙසොල් නුවර පැවැත්වෙන ද සිනමා ආසියා වාර්තා චිත්‍රපට උළෙලට ඉන්දීය සංස්කෘතික අමාත්‍යංශය විසින් ගිණිකොන කලාපයේ ඉන්දිරාගාන්ධි ජාත්‍යන්තර කලා මධ්‍යස්ථානය විසින් නිෂ්පාදනය කළ ඇසෑම්හි සුප්‍රසිද්ධ ගංගා දූපතේ වෙස් මුහුණු සෑදීමේ සංස්කෘතිය ඇතුළත් මාස්ක් ආර්ට් ඔෆ් මජුලී වාර්තා චිත්‍රපටය තොර්ගෙන ඇත.මෙම උළෙල සඳහා තෝරාගත් වාර්තා චිත්‍රපට 08 අතර ඇති එකම ඉන්දීය වාර්තා චිත්‍රපටය ද මෙය වේ.විනාඩි 55කින් යුත් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ උත්පල‘ බෝපුරාජ් විසිනි.මජුලිහි වෙසෙනෙ පවුල් දෙකක් වටා ගෙතුණු මෙම වාර්තා චිත්‍රපටය තුළින් එහි වෙස් මුහුණු නිර්මාණ සංස්කෘතිය ඉදිරිපත් කරයි.ආසියානු වාර්තා චිත්‍රපට සම්බන්ධව ආසියාවෙන් පිටත පවත්වන පැරනිතම සිනමා උළෙල මෙයවේ.

advertistmentadvertistment
advertistmentadvertistment