ප‍්‍රංශ ජාතික යුවළක් උඩරට මැණිකේ පාපුවරුවෙන් බිමට: බිරිඳ බේරාගන්න සැමියාත් පැනලා!

1542

උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අසල 31/32 දුම්රිය උමග අසලදී උඩරට මැණිකේ දුම්රියෙන් බිමට ඇද වැටුනු ප‍්‍රංශ ජාතික යුවළක් බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හපුතලේ පොලීසිය පවසයි.

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනයවෙමින් තිබූ උඩරට මැණිකේ මෙම දුම්රිය ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අසල 31/32 දුම්රිය උමග අසලට පැමිණෙනවාත් සමග දුම්රිය පාපුවරුවේ සිටි ප‍්‍රංශ ජාතික කාන්තාව දුම්රියෙන් බිමට ඇද වැටී තිබේ.

පසුව ඇය බේරා ගැනීම සඳහා ඇගේ ස්වාමි පුරුෂයාද දුම්රියෙන් බිමට පැනීම නිසා ඔහුද තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙම කාන්තාව දුම්රියෙන් බිමට ඇද වැටීම සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය ව නොමත.

හපුතලේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සේපාල රත්නායක මහතාගේ උපදෙස් පරිදි හපුතලේ පොලීසියේ නිළධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරති.

ඇල්ල පොලීසියේ නිළධාරීහුද පරීක්ෂණ සිදු කරති.

කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල, බුවනෙක – හපුතලේ

advertistmentadvertistment
advertistmentadvertistment