ප්‍රකාශය අස්කර ගන්නවා – ලංවිම සභාපති

219

පසුගියදා, කෝප් කමිටුවේදී තමන් සිදුකළ ප්‍රකාශය කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගනිමින් සමාව අයදින බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.

 එම ප්‍රකාශය කළ අවස්ථාවේදී තමාට ඇතිවූ පීඩනය හා හැඟීම් නිසා ඉන්දීය අගමැති යන වචනය තමාගෙන් ප්‍රකාශ වූ බවද ඒ මහතා කියයි.

 පසුගියදා ඔහු කෝප් කමිටුවේදී ප්‍රකාශ කර තිබුණේ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අදානි සමාගමට ලබාදීමේදී ජනාධිපතිවරයා තමා කැඳවා ඉන්දීය අගමැතිවරයා එය ලබාදෙන ලෙස තමන්ට බලකරන බව ප්‍රකාශ කළ බවත්, තමා එම අවස්ථාවේදී එය විදුලිබල මණ්ඩලයට අයිති ගැටලුවක් නොව ආයෝජන මණ්ඩලයට අයත් ගැටලුවක් බව ප්‍රකාශ කළ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment