ප‍්‍රකාශ ලබා ගැනීමට රන්ජන් දේශපාලන පලිගැනීම් කොමිසම හමුවට

139

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා ප‍්‍රකාශ ලබාදීම සඳහා ඊයේ (17 දා) දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත රැගෙන විත් තිබේ.

ප‍්‍රකාශ ලබා ගැනීමට රන්ජන් දේශපාලන පලිගැනීම්  කොමිසම හමුවට

ජනාධිපති කොමිසම මගින් රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත කළ දැනුම් දීමකට අනුව ඔහු මෙසේ කොමිසමේ පොලිස් ඒකකයට ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

කොමිසමේ දැනුම් දීම අනුව ප‍්‍රකාශ ලබාදීම සඳහා රන්ජන් රාමනායක මහතා අද සහ හෙට (18-19) යන දෙදින ද බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ ඇති ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බන්ධනාගාර හදිසි ප‍්‍රතිචාර උපක‍්‍රමික බළකායේ නිලධාරීන්ගේ විශේෂ ආරක්‍ෂාව යටතේ රන්ජන් රාමනායක මහතා කොමිසම වෙත රැගෙන ගොස් ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment