ප‍්‍රකෝටිපතියන්ගේ පාවෙන  සුඛෝපභෝගී විනෝද මාලිගා

558

රුසියානු ධනපතියන්ගේ සහ අනෙකුත් ප‍්‍රකෝටිපතියන්ගේ පාවෙන සුඛෝපභෝගී විනෝද මාලිගා වැනි සුපිරි යොට් යාත‍්‍රා යනු මොනවා ද?

 රුසියානු ධනපතීන්ට අයත් විවිධ සුපිරි යාත‍්‍රා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. එසේත් නැති ඒවා ඉක්මනින්ම අත්අඩංගුවට පත්වීමේ ඉඩක් තිබේ. නමුත් මෙම අධි සුඛෝපභෝගීත්වය අත්විඳින්නේ ඔවුන් පමණක් නොවේ.

 සුපිරි යොට් යාත‍්‍රාවක් යනු කුමක්ද?

 ඔබ, ඉදිරියේ මුහුද හැර අන් කිසිවක් නොමැති, වෙරළක් පෙනෙන මානයක නොමැති යාත‍්‍රාවක හිඳ ඈතින් හිරු බැස යන දෙස බලා සිටින බව සිතින් මවාගන්න. ඔබ පිටුපසින් හෙලිකොප්ටරයක් සහිත විශාල ඩෙක් එකක්, කුඩා ගොල්ෆ් පිටියක් හා ඔබේ විනෝදාස්වාදය සඳහාම වෙන් වූ තටාකයක් ඇති අතර, මිචෙලින් තරු දිනූ අවන්හල්වල තත්ත්වයට සරිලන රස අහර පැය විසි හතර පුරාම ඔබට සැපයේ. මේ, ප‍්‍රකෝටිපතියන් ඔවුන්ගේ සුපිරි යොට් යාත‍්‍රාවල භුක්ති විඳින සැප සම්පත් පිළිබඳ දළ චිත‍්‍රයක් පමණි. මෙම සුඛෝපභෝගී මුහුදු නවාතැන් මේ වන විට බොහෝ රුසියානු ධනපතින්ට අහිමිව තිබේ. ඔවුන්ගේ සුපිරි යාත‍්‍රා අත්අඩංගුවට ගෙන හෝ ඉක්මනින්ම අත්අඩංගුවට පත්වීමේ අවදානමේ ඇත.

 ලෝකයේ සුපිරි යොට් යාත‍්‍රා 10,000ක් පමණ ඇතැයි පැවසෙන අතර, වැඩි වශයෙන් අසන්නට ලැබෙන්නේ රුසියාවට සම්බන්ධ ඒවා ගැන ය. මේවායේ අනෙකුත් හිමිකරුවන් ගල්ෆ් රාජකීයයන්ගේ සිට ඇමෙරිකානු ධන කුවේරයන් දක්වා වෙනස් වේ. සුපිරි යොට් යාත‍්‍රාවල මිල ඩොලර් මිලියන සිය ගණනක සිට ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා පරාසයක පවතියි.

advertistmentadvertistment
advertistmentadvertistment