ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් විශ්වාසභංගය සහ දෝෂාභියෝගය අනිවාර්යයෙන්ම ගේනවා

174

ඇන්දුවා ඇති. මේක සංගීත පුටු තරගයක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් විශ්වාසභංගය සහ දෝෂාභියෝගය අනිවාර්යයෙන්ම ගේනවා යැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ දී ඉකුත් (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බැව් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

තරුණ පරපුර පාරට බැස ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසාය. ඔවුන්ගේ අරගලය නිවැරදිව අවබෝධ කරගත යුතුයි. රණවිරුවන් ඉදිරියට දමා ඇඟ බේරා

ගැනීමට ආණ්ඩුව කටයුතු කළද, යුද්ධය ජයගත් සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ගෙන් පළිගත්තේ කවුද කියා ලොවම දන්නවා. රණවිරුවන්ගේ අභිමානය පාවා දුන්නේ කවුද කියා සියලූ දෙනා දන්නවා.

විසිවැනි සංශෝධනය අහෝසිකොට 19 ශක්තිමත්ව ගෙන ඒමටත්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා විශ්වාසභංගයක්, දෝෂාභියෝගයක් පමණක් නොව ඉන් එහාට ඕනෑම ව්‍යවස්ථාමය තීන්දු ගන්නට පසුබට වන්නේ නැහැ.

අද අවස්ථාවාදී ලෙස මැති ඇමති තනතුරු වෙනුවෙන් ඔලූගෙඩි මාරුව සිදුවනවා. මේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ එය නොවෙයි. අද ඇත්තේ විකෘති ආර්ථික ප‍්‍රතිපත්තියකි. ජාත්‍යන්තර සබඳතා ගිලිහී

ගොස් ඇත. පවත්නා අර්බුදවලට සුහුරු සහ විද්‍යාත්මක විසඳුම් දිය යුතුයි. ආර්ථික යුද්ධය ජයගත යුත්තේ අවියෙන් නොවේ.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේත්, ආර්ථිකයේත්, දේශපාලනයේත් නව වැඩපිළිවෙළක් අවශ්‍යයි. රට ගොඩනැගීම උදෙසා විධිමත්ව නැගීසිටිය යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment