ප්‍රතික්‍රීයක මගඩි යටගහන්න කුමන්ත්‍රණයක් – රවි කුමුදේශ්

89

ජාතික රෝහල සඳහා ප්‍රතික්‍රීයක මිලදී ගැනීමේ දී සිදුව ඇති රුපියල් බිලියන දෙසිය ගණනක නාස්තිය යටගැසීම සඳහා ප්‍රබලයකු ක්‍රියාකරමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේෂ් මහතා චෝදනා කරයි.

අදාළ සිදුවීම හෙළිදරව් කළ නිලධාරීන්ව විමර්ශනයන්ට පැටලවීමේ කුමන්ත්‍රණයක් ද මේ වනවිට ක්‍රියාත්මකව ඇතැයි ඒ මහතා සඳහන් කරයි.

එක් යන්ත්‍රයකින් කළ හැකි ක්‍රියාවන් සඳහා යන්ත්‍ර කිහිපයක් ගෙන්වීමටත්, ප්‍රතික්‍රීයක මිලදී ගැනීමේ දී අඩු ලංසු තබා ඇති සමාගම් මඟහැර වැඩිම ලංසුව තබා ඇති සමාගමට ටෙන්ඩරය ලබාදීමෙනුත් මෙම මුදල් නාස්තිය සිදුකර ඇති බව ද හෙතෙම කියා සිටී.

මෙම ප්‍රතික්‍රීයක මිලදී ගැනීමේ දී ඉහළ ලංසු තබන සමාගම් වෙත අවස්ථාව ලබා නොදී සහනදායී මිල ගණන් යටතේ සැපයීම් සිදුකරනු ලබන සමාගම්වලට මූලිකත්වය ලබා දෙන ලෙසත්, සිදුව ඇති ප්‍රතික්‍රීයක මිලදී ගැනීමේ සිද්ධියේ නාස්තිය පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකරන ලෙසත් සිය සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව ද රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment