ප්‍රතිත්‍රස්ත පනත විවාදයට ගන්නා දින තුනේ ආණ්ඩු පක්‍ෂයට මැතිසබය අනිවාර්යයි

79

ප්‍රතිත්‍රස්ත පනත විවාදය සිදුවන අප්‍රේල් 26, 27, 28 දිනවල ආණ්ඩු පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත් සම්බන්ධයෙන් විවාදය මේ දින තුන තුළ පවත්වන බවත් ඉන්පසු ඡන්ද විමසීමක් සිදු වුවහොත් එයට සහභාගි වීමට ආණ්ඩු පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් සභා ගැබේ සිටිය යුතු බවටත් මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

මීට අමතරව අද (24 දා) සවස 5.30 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායම් රැස්වීම් පැවැත්වීමටද නියමිතය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment