ප්‍රති ත්‍රස්ත කරුණු 26 ක් ජනතා විරෝධීයි – ජිනීවාවලටත් පැමිණිලි

130

යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ (ප්‍රති ත්‍රස්ත පනත) කරුණු 26ක් ජනතා විරෝධී බවට ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ද පැමිණිලි රැසක් යොමුකර ඇත.

පනතට ඇතුළත් වී ඇති ත්‍රස්තවාදය යන වචනය නිර්වචනය නොකිරීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ත්‍රස්තවාදය සම්බන්ධව ප්‍රකාශයට පත් කර ඇති නිර්වචනයට මෙම පනත අනුකූල නොවීම, පනතේ සඳහන් කර ඇති ත්‍රස්තවාදය පිළිබඳ නීතිරීති ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නොගැලපීම, පනත සඳහා විධායක බලතල එක් කිරීම, රාජ්‍ය නිලධාරීන් සිදුකරන කාර්යයන් පනත යටතේ ජනාධිපතිවරයාගේ පාලනය වෙත යොමුවී තිබීම ආදී කරුණු මගින් ජනතාවගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝණය වන බව මෙම පැමිණිලිවල සඳහන් කර තිබේ.

එසේම නව පනතට අනුව පොලිස් අධිකාරිවරයකුගේ නියෝගවලට අවනත නොවීමද ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සඳහන් කර ඇත.

මෙම පනතට ජාත්‍යන්තර ජූරි සභික සංවිධානය ද විරෝධය පළකර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment