ප්‍රථම විධායක ජනාධිපති  ජේ. ආර්. ජයවර්ධන 26 වන ගුණ සමරුව අදයි

342

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා දිවංගත වී අදට (01දාට) වසර 26 ක් සම්පූර්ණ වේ.

හිටපු අගමැතිවරයකු වන ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු 1973 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගත් එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හෙබවූ ජේ. ආර්. ජයවර්ධන මහතා 1977 වසරේ පැවැති මහ මැතිවරණයෙන් හයෙන් පහක ජනවරමක් ලබා ලංකාවේ 6 වන අගමැතිවරයා බවට පත් විය.

1988 වසරේ දේශපාලනයෙන් සදහටම සමුගත් ජයවර්ධන මහතා තමා සතු බොහෝ පෞද්ගලික දේපළ රට වෙනුවෙන් පරිත්‍යාග කළ දුර්ලභ ගණයේ දේශපාලකයෙක් විය. වසර හතක නිදහස් විශ්‍රාමික ජීවිතයක් ගතකළ ජේ. ආර්. ජයවර්ධන මහතා ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වී මෙයට වසර 26කට පෙර හෙවත් 1996 නොවැම්බර් 01 වැනි දින ජීවිතයෙන් සමුගත්තේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment