ප‍්‍රථම හයිබි‍්‍රඞ් පියාසර මෝටර් රියට ස්ලෝවැකියාව අනුමැතිය දෙයි

158

පැයකට සැතපුම් 100ක් යා හැකි පියාඹන මෝටර් රථයට ස්ලෝවැක් ප‍්‍රවාහන අධිකාරිය විසින් අනුමැතිය දී ඇත. මෙය හයිබි‍්‍රඞ් රියකි. අඩි 8000ක් උසින් පියාසර කළ හැකි මේ එයාර් කාර් නමින් හඳුන්වන රියට බී. එම්. ඩබ්ලිව්. එන්ජිමක් සවිකර තිබේ. මේ පියාසර මෝටර් රිය සාමාන්‍ය පැට්රල් වලින් ක‍්‍රියාත්මක වේ. පැය 70ක් ගුවනේ සැරිසරා තිබීමත් 200 වතාවක් සාර්ථකව අහසට නංවා ගොඩ බැස්වීම මත එම ගුවන් සහතිකය හිමි වී ඇත.

 පසුගියදා මේ රිය ස්ලෝවැකියාවේ නිට්රා සහ බැටිස්ලාවා ගුවන් තොටුපළවල් අතර විනාඩි 35ක ගුවන් ගමනක යෙදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment