ප‍්‍රදේශ කිහිපයකට වැසිි

94

අද (21) දිනයේදී නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවන අතර, මධ්‍යම සහ ඌව පළාත්වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හි උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment