ප්‍රධාන පෙළේ පාසලක පෙළපොත් තොගයක් විකිණීමට තැත් කළ ආදි ශිෂ්‍යයා රිමාන්ඩ්

104

ප්‍රධාන පෙළේ විදුහලක පෙළපොත් විශාල තොගයක් ( 600 ක් පමණ) සොරාගෙන විකිණීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි විදුහලේ ආදි ශිෂ්‍යයකු ඇතුළු තිදෙනෙකු ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අයි.පී. රසාක් මහතා නියෝග කළේ ය.

රිමාන්ඩ් කරන ලද්දේ ත්‍රිකුණාමලය පදිංචි විදුහලේ ආදිශිෂ්‍යයා සමග පොත් මිල දී ගත් කාත්තන්කුඩිය හා අනුරාධපුර හන්දියේ පදිංචි කරුවන් දෙදෙනෙකි.

පාසලේ ගබඩා කාමරය බිඳ මෙම සොරකම සිදුකොට තිබූ බවද අධිකරණයේ දී අනාවරණය විය.

ත්‍රිකුණාමලය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයරත්න මහතා ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමත ය.
කන්තලේ ඩබ්.එම්.වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment