ප්‍රධාන වේල්ලකට රුසියාව පහර දුන්නා- යුක්‍රේනයෙන් චෝදනා

760

බොරු; වේල්ල කැඩුණේ අබලන් නිසා- රුසියාව කියයි

රුසියානු හමුදා දකුණු යුක්‍රේනයේ ප්‍රධාන වේල්ලකට ප්‍රහාර එල්ල කර ඇති බව එරට රජය කියයි. මේ නිසා ප්‍රදේශ රැසකට ගංවතුර මෙන්ම දහස් ගණනින් ජනතාවට උන්හිටිතැන් අහිමි විය හැකි බව යුක්‍රේන ආණ්ඩුව පවසයි.

යුක්‍රේන ජනපති ව්ලැඩමීර් සෙලෙන්ස්කි උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා හදිසි රැස්වීමක් ද කැඳවා තිබිණි. කෙසේ නමුත් රුසියාව පවසන්නේ මෙම වේල්ල කඩා වැටී ඇත්තේ ප්‍රහාරයක් නිසා නොව එහි අබලන් තත්ත්වය නිසා බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment