ප‍්‍රබලයෝ නැතත් ඔස්ටේ‍්‍රලියාව හතර වැනි ජයත් ලබයි

266

ප‍්‍රධාන වේගපන්දු යවන්නන් තිදෙනා විවේක ගැන්වුවද ලෝක ශූරයන් වන තමන්ට ශ‍්‍රී ලංකාව යනු තවදුරටත් අභියෝගයක් නොවන බව පෙන්වමින් දෙරට අතර පැවති 4 වැනි පන්දුවාර විස්සයි 20 තරගයෙන්ද කඩුලූ 6ක පහසු ජයග‍්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම ඊයේ (19 දා) සමත් විය.

දිවා රාත‍්‍රී තරගයක් ලෙස මෙල්බර්න් පිටියේ පැවති එම තරගයේ දී ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලූ 8ක් දැවී ලබාගත් ලකුණු 139 පන්දු 11 ක් ඉතිරිව තිබිය දී කඩුලූ 4ක් පමණක් දැවී ඉක්මවා යෑමට ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමට හැකි විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දී දුර්වල පිතිහරඹයක නිරත වූ අතර ලකුණු 30 සීමාව ඉක්මවා යෑමට සමත් වුණේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පමණි. පන්දු හතළිහක් තුළදී ලකුණු 46ක් ලබාගත් පැතුම් නිශ්ශංක ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හතර වන පිතිකරුවා ලෙස දැවී යන විට ලකුණු පුවරුව 113 ක් ලෙස සටහන් විය. මිනිත්තු 69ක් තුළ දියත් වූ පැතුම් ගේ ඉනිමට හතරේ පහර හතරක් ඇතුළත් වුණු අතර ධනුෂ්ක ගුණතිලක සමග ඔහු පැවැත්වූ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 35ක් විය. ධනුෂ්ක ලකුණු 17ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 27 ක් ද චරිත් අසලංක ලකුණු 22 ක් ද ලබා ගත් නමුත් ඒවා දිගු ඉනිම් බවට පත් පත් කිරීමට ඔව්හු අසමත් වූහ.

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමේ ප‍්‍රබල වේග පන්දු යවන්නන් තිදෙනකු වන පැට් කමින්ස්, ජොස් හේසල්වුඞ් සහ මිචෙල් ස්ටාර්ක් මෙම තරගයට ක‍්‍රීඩා නොකළ අතර ඒ අවසරයෙන්වත් ලකුණු 140 සීමාව ඉක්මවා යෑමට ශ‍්‍රී ලංකා පිතිකරුවෝ අසමත් වූහ. ජායි රිචර්ඞ්සන් සහ කේන් රිචර්ඞ්සන් දෙදෙනා කඩුලූ දෙක බැගින් දවා ගත් අතර ඇස්ටන් අගාර් ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු ලබාදීමට ඉඩ ලබා නොදෙමින් එක් කඩුල්ලක් දවා ගත් අතර ඇඩම් සම්පා පැතුම් නිශ්ශංකගේ කඩුල්ල දවා ගත්තේය.

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරතවූ ග්ලේන් මැක්ස්වල් නොදැවී ලකුණු 48ක් ලබා ගනිමින් ඔස්ටේ‍්‍රලියාව ජයග‍්‍රහණය කරා රැුගෙන ගිය අතර ජොස් ඉන්ග්ලිෂ් ලකුණු හතළිහක් ලබා ගත්තේය. ලකුණු 49 ක ට කඩුලූ 3ක් බිඳ වැටී තිබියදී ජොස් ඉන්ග්ලිෂ් සහ ග්ලේන් මැක්ස්වල් දෙදෙනා එක්ව 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර එය ඔස්ටේ‍්‍රලියා ජයග‍්‍රහණයේ අඩිතාලම විය.

තුන්වැනි තරගයේ දී ආබාධයකට ලක්වූ නුවන් තුෂාර වෙනුවට ලහිරු කුමාර මෙම තරගයට කැඳවා තිබූ අතර ඔහු සිය පන්දුවාර 4කදී ලකුණු 22කට කඩුලූ දෙකක් දවා ගත්තේය. නායක ඒරන් ෆින්ච් සහ ඇස්ටන් අගාර් ලහිරු කුමාරගේ පන්දු යැවීම හමුවේ දැවී ගිය අතර මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් දවා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය ග්ලේන් මැක්ස්වල් හිමි කර ගත් අතර දෙරට අතර පස්වෙනි සහ අවසන් පන්දු වාර 20 -20 තරගය හෙට (20 වැනිදා ) පැවැත්වීමට නියමිතය.

ලකුණු සාරාංශය

ශ‍්‍රී ලංකාව 139/8

පැතුම් නිශ්ශංක 46, ධනුෂ්ක ගුණතිලක 17, කුසල් මෙන්ඩිස් 27, චරිත් අසලංක 22, දිනේෂ් චන්දිමාල් 2, දසුන් ශානක 1, චාමික කරුණාරත්න නොදැවී 14, දුෂ්මන්ත චමීර 1, මහීෂ් තීක්ෂණ 3, ජෙෆ්රි වැන්ඩසේ නොදැවී 5

පන්දු යැවීම

ජයි රිචර්ඞ්සන් 20/2, කේන් රිචර්ඞ්සන් 44/2, ඇස්ටන් අගාර් 14/1, ඇඩම් සම්පා 26/1

ඔස්ටේ‍්‍රලියාව

ඇස්ටන් අගාර් 26 , බෙන් මැක්ඩර්මට් 9, ඒරන් ෆින්ච් 2, ග්ලේන් මැක්ස්වල් නොදැවී 48

advertistmentadvertistment
advertistmentadvertistment