ප්‍රභාත්ගෙ සේසතටම විදලා!

1184

මොහු පෞද්ගලික බැංකුවක නිලධාරියෙකි. රාජකාරි කළේ කොළඹ නගරයේ බැංකු ශාඛාවකය. ඔහුගේ නම ප්‍රභාත්ය.

 අතමිට සරු මොහු ගෙල රන් මාලයකින් ද, ඇඟිල්ලට රුපියල් ලක්ෂ දෙකකට වඩා වටිනා මැණිකක් එබූ මුදුවක් පැළඳුවේ ඉන් යම් කිසි ආලෝකයක් දිවියට ලැබුණු නිසාය.

 මේ කියනදා ඔහු බැංකුවේ තවත් මිතුරන් දෙදෙනකු සමග අල්ලාප සල්ලාපයේ යෙදුණේ බොරැල්ල ප්‍රදේශයේ අවන්හලක් තුළය.

 රෑ හත අටවන තුරු ඒ මිතුරු හමුව ඇදීගියේ තිදෙනාම එකාවන්ව අතදිග හැර මුදල් වැය කළ නිසාය. ගුඩ් නයිට් මචන්…. තිදෙනා සමුගත්තේ ඔවුන් තිදෙනා ප්‍රදේශ තුනක පදිංචිව සිටි බැවිනි.

 ප්‍රභාත් බෑගය ද කරේ දමාගෙන ත්‍රිරෝදයකට අත දැමීය. “නගින්න සර්” ත්‍රිවීලරයට ගොඩ වූ පසු තවත් අයකු ඒ තුළය.

 “කිරිබත්ගොඩට යන්” ප්‍රභාත් කීය.

 ත්‍රිරෝද රථය අතුරු මාර්ගයකට අවතීර්ණ විය.

 “ගනින් යකො චේන් එක” ගෙල බැඳි රන්මාලයත්, රන් මුදුවත්, පසුම්බියේ තිබූ රුපියල් දස දහසකට වැඩි මුදලක් කොල්ලකා ගත් ත්‍රීවිලරයේ සිටි දෙදෙනා බැංකු නිලධාරියා මහමගම දමා පළා ගියේ ඇසිල්ලෙනි.

 ප්‍රේම්

advertistmentadvertistment
advertistmentadvertistment