ප‍්‍රභූ ගිණුම්වල පැටිකිරිය එළියට ආවා

324

අපේ රටේ හොරකම්, දූෂණ, වංචා කෙතරම් සිද්ධ වනවාද යන්න ප‍්‍රබල දේශපාලනඥයකුගේ ගිණුමෙන් සල්ලි හොරකම් කිරීමේ සිද්ධියෙන් පැහැදිලි වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ඊයේ (26 දා) සඳහන් කළේය.

ප‍්‍රභූන්ගේ ගිණුම්වල ඇති මුදල් කෙතරම් ද යන්න මෙම සිදුවීම්වලින් සිතා ගත හැකි බවත්, කෝටි ගණන් මුදල් තිබූ එම ගිණුම් පිළිබඳව අයිතිකරුවන් මෙතෙක් කලක් සොයා නොබැලීමෙන් ඔවුන් එම මුදල්වලට දැක්වූ සැලකිල්ල සහ උනන්දුව කුමක්ද යන්න පැහැදිලි බවත් විජිත හේරත් මහතා කීවේය.

එකී ගිණුමෙන් මුදල් සොරකම් කිරීම හොරුන්ගෙත් හොරු කම්බා හොරු කතාවක් සිහිපත් කරවන්නක් බව පැවසූ විජිත හේරත් මහතා, ප‍්‍රශ්නය ඇත්තේ එවැනි ගිණුමක් ගැන හොයා බැලීමට තරම් හෝ ගණන් නොගැනීමට තරම් ඔවුන් සතුව සල්ලි තිබීම යැයිද කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ එම අදහස් පළකළේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment