ප්‍රභූ පර්යන්තයට අධි තාක්ෂණික ස්කෑන්

207

කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තයේ අධි තාක්‍ෂණික ස්කෑන් යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

කටුනායක ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තයේ ගුවන් මගීන් රැගෙන එන අත්බෑග් පරීක්‍ෂා කිරීමට අධි තාක්‍ෂණික ස්කෑන් යන්ත්‍ර පැවතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බව රේගු නිලධාරීහු සඳහන් කරති.

එම නිසා විශේෂ පර්යන්තය හරහා එන ප්‍රභූන්ගේ අත්බෑග් පරීක්‍ෂා නොකරන බවද එම නිලධාරීහු පවසති. බොහෝ රටවල විශේෂ මගී පර්යන්තවල ද අධිතාක්‍ෂණික ස්කෑන් පරීක්‍ෂණ යන්ත්‍ර සවිකර තිබේ. එවිට ගුවන් මගින් අත්බෑග්වල ගෙන එන නීති විරෝධී ද්‍රව්‍ය සේම බදු ගෙවීමකින් තොරව භාණ්ඩ පිටතට රැගෙන යෑම ද වැළකෙන බව රේගු නිලධාරීහු පවසති.

රත්‍රං කිලෝ 03 ක් හා ජංගම දුරකථන තොගයක් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රේගුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ජනාධිපතිවරයා ද ඒ ගැන අවධානය යොමුකරමින් මින් ඉදිරියට එවැනි සිදුවීම් සිදුනොවීම සඳහා විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන සහ ඇතුළුවන ස්ථානවල අධිතාක්‍ෂණික උපකරණ සවි කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මගින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දැනුවත් කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment