ප්‍රමිතියෙන් තොර බොරතෙල් සපුගස්කන්දට එපා

167

පිරිපහදු ඉංජිනේරුවෝ සංස්ථා ප්‍රධානීන්ට දන්වති

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට සරිලන බොරතෙල් මිස ප්‍රමිතියෙන් තොර බොරතෙල් එපා යැයි පිරිපහදු ඉංජිනේරුවරුන් විසින් තෙල් සංස්ථා ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

මේ වනවිට පිරිපහදුව සඳහා යොදාගෙන තිබෙන බොරතෙල්වල ප්‍රමිතියේ ගැටලු නිසා පෙට්‍රල් හා ඩීසල් නිෂ්පාදනය සියයට 22 කින්ද, ගෑස් නිෂ්පාදනය සියයට 80 කින්ද, භූමිතෙල් නිෂ්පාදනය සියයට 80 කින්ද පහත වැටී ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවසීය. සපුගස්කන්ද පිරිපහදුවේ පිරිපහදු කරන බොරතෙල්වලින් සියයට 70 ක්ම දැවිතෙල් නිපදවෙන බව ද හෙතෙම කීය.

මේ වන විටත් මෙටි්‍රක් ටොන් ලක්ෂයකට ආසන්න බොරතෙල් නෞකාවක් දින 23 ක් තිස්සෙ කොළඹ වරාය සීමාවේ නැගුරම්ලා තිබෙන අතර එම බොරතෙල් ද සල්ෆර් වැඩි නිසි ප්‍රමිතියෙන් තොර එකකැයි ඉංජිනේරුවරුන් විසින් පෙන්වා දී ඇත. මේ වනවිට පිරිපහදුව දැඩි ලෙස රත් වී දෙදරුම් කන නිසා සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක නොකිරීමට සිදුව ඇතැයි ද එහි උසස් නිලධාරීහු හෙළි කර සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment