ප‍්‍රමුඛ පෙළ ලීග් රග්බි ශූරතාවලියේ හැව්ලොක්ස් පෙරමුණට

124

අන්තර් ක‍්‍රීඩා සමාජයීය ප‍්‍රමුඛ පෙළ ලීග් රග්බි පාපන්දු ශූරතාවලියේ පළමු වටයේ 06 වැනි සති අන්තය නිමා වන විට ද ප‍්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ආරක්ෂා කර ගැනීමට අගනුවර හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයට හැකි විය. ඒ තරග 04 ක් තුළ ප‍්‍රසාද ලකුණු 27 ක් රැස් කර ගනිමිනි.

මෙවර තරගාවලියට එක් වෙමින් මුහුණ දුන් තරග සියල්ලම ජය ගනිමින් අදාළ ලකුණු එකතුව හැව්ලොක්ස් පිල සටහන් කර ගත්තේය. ප‍්‍රතිවාදී කණ්ඩායම් 04 ක් පරාජය කරමින් ලබා ගත් ලකුණු 25 ට අමතරව අතිරේක ප‍්‍රසාද ලකුණු 02 කට හිමිකම් කියන්නට ද ඔවුන්ට හැකියාව ලැබිණි.

ශ‍්‍රී ලංකා යුද හමුදාව සමග පසුගිය 13 කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබුණු තරගය සහ හැව්ලොක්ස් සමාජය සමග ඉකුත් ඉරිදා (27* නිත්තවෙල දී පැවැත් වීමට නියමිතව තිබුණු තරග කල් දමන්නට සංවිධායකයින් තීරණය කිරීම හේතුවෙන් මීට සති 03 කට පෙර ප‍්‍රථම ස්ථානයේ රැුඳී සිටී මහනුවර ක‍්‍රීඩා සමාජයට දෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු වී තිබේ. ප‍්‍රසාද ලකුණු 24 ක් සමගින් දෙවන ස්ථානයේ මහනුවර ක‍්‍රීඩකයෝ පසු වන්නේ තරග 04 කට පමණක් මුහුණ දීමෙනි.

හැව්ලොක්ස් පිල තවත් තරග 02 කට ද මහනුවර ට පිල තවත් තරග 03 කට ද මූලික වටය යටතේ ඉදිරියේ දී සහභාගි වීමට නියමිතය. පසුගිය සතියේ තෙවන ස්ථානය තහවුරු කර ගෙන සිටි නාවික හමුදාවට මෙවර හිමි වී ඇත්තේ 05 ස්ථානයයි. නාවික හමුදාව පරාජය කරමින් ලද ජයග‍්‍රහණයත් සමඟින් තෙවැනි ස්ථානයට ඉහළ නැගීමට ගුවන් හමුදාවට හැකි විය.

සී.ආර්. පිල පියවර 02 ක් පසු පසට යන අතර වාරයේ පියවර 02 ක් ඉහළට නැගීමට සී.එච්. පිලට හැකි වීම කැපී පෙනේ. ඒ අනුව පොලිසියට 06 වැනි ස්ථානය ද සී.ආර්.පිලට 07 වැනි ස්ථානය ද හිමි වී තිබේ.

සී.එච් ඇන්ඞ් එෆ්.සී නාවික හමුදාව සහ පොලිසිය තරග 02 බැගින් ජය ගැනීමට සමත් වී ඇති අතර යුද හමුදාවට එකදු ජයග‍්‍රහණයක් හෝ සටහන් සටහන් කර ගැනීමට මෙතෙක් නොහැකි වීම විශේෂත්වයකි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment