ප්‍රවාහන සේවයට ගැසට්ටුවක්

179

පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලේකම්වරයා විසිනි.

මේ අනුව මගින් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හෝ පොදු ගමනාගමන සේවා මෙන්ම මංමාවත්, පාලම් බෝක්කු දුම්රිය මාර්ග ඇතුළුව මං මාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යෑම එම ගැසට් පත්‍රය මගින් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරනු ලැබ ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment