ප‍්‍රවීණයන්ගේ ශූරතාව වර්ල්ඞ් ජයන්ට්ස් දිනයි

341

ඕමානයේ පැවැති ප‍්‍රවීණයන්ගේ කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම සමත්විය. එ් පෙරේදා (29 වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී එ්සියා ලයන්ස් කණ්ඩායම ලකුණු 25කින් පරාජයට පත් කරමිනි.

 තීරණාත්මක අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ එ්සියා ලයනස් නායක මිස්බා උල්හක් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. එ් අනුව පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 256ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.

 ප‍්‍රවේගකාරී ඉනිමක් දියත් කළ කොරේ ඇන්ඩර්සන් පන්දු 43කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 94ක් රැුස් කළේය. කෙවින් පීටර්සන් පපන්දු 22කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 48ක් වාර්තා කළේය. නායක ඩැරන් සාමි පන්දු 17කදී ලකුණු 38ක් සහ බ‍්‍රැඞ් හෙඩින් පන්දු 16කදී ලකුණු 37ක් වාර්තා කළේය.

 නුවන් කුලසේකර ලකුණු 45කට වර්ල්ඞ් ජයන්ට්ස් ඉනිමේ කඩුලූ 3ක් බිඳ දැමීය.

 පිලිතුරු ඉනිම කී‍්‍රඩා කළ එ්සියා ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 8ක් දැවී ලකුණු 231ක් රැුස් කළේය. ටී.එම්. ඩිල්ෂාන් පන්දු 16කදී ලකුණු 25ක් සහ සනත් ජයසූරිය පන්දු 23කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 38ක් රැුස් කළේය.

 එ්සියා ලයන්ස් කණ්ඩායමේ වැඩිම බලාපොරොත්තුව බවට පත්ව තිබූ උපුල් තරංගගේ ඉනිම පන්දු 16කදී ලකුණු 25කට සහ අස්ගර් ඇෆ්ගන්ගේ ඉනිම පන්දු 10කදී ලකුණු 24කට සීමා කිරීමට පිළිවෙලින් මොන්ටි පනේසා සහ ඇලබි මෝකල් සමත්විය.

 ලකුණු සාරාංශය

 වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 256යි (කොරේ ඇන්ඩර්සන් 94, කෙවින් පීටර්සන් 48, ඩැරන් සමී 38, බ‍්‍රැඞ් හේඩින් 37, නුවන් කුලසේකර 45/3,)

 එ්සියා ලයන්ස් කණ්ඩායම පන්දු වාර 20දී කඩුලූ 9ක් දැවී ලකුණු 231යි (සනත් ජයසූරිය 38, ටී.එම්. ඩිල්ශාන් 25, උපුල් තරංග 25, අස්ගර් ඇෆ්ගන් 24, මොහොමඞ් යූසුෆ් (නොදැවී) 39, මොහොමඞ් රෆීක් 22, ඇල්බි මෝකල් 35/3, මොන්ටි පනේසා 40/2)

advertistmentadvertistment
advertistmentadvertistment