ප්‍රවීණ ගත්කතු ජයකොඩි සෙනෙවිරත්නයන්ගේ දිවි සැරිය නිමාවේ

351

රාජ්‍ය සම්මාන ලාභී ප්‍රවීණ ගත් කතුවරයෙකු වූ ජයකොඩි සෙනෙවිරත්න මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.මිය යන විට 86වැනි වියේ පසු වූ ඒ මහතා රචිත කුමාරිහාමි නව කතාව 1984 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම නවකතාව ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය.සිත්තරෙකුට පෙම් බැඳි,දෙමස්සිනෝ, මිහිදුම් සළු,රන් තිසර,සුදු හාමිනේ, නොමැරෙන මිනිස්සු ඇතුළු නවකතා සහ ළමා කෘති රැසක් රචනා කර ඇත.ඒ මහතාගේ අවසන් කටයුතු මෙම මස 24 වැනිදා සිදුකිරීමට නියමිතය.දේහය අංක 09 නුගේවත්ත කිරිඳිවැල ලිපිණය දරණ නිවසේ තැන්පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment