ප්‍රවීණ ගායිකා රංගන ශිල්පිනි  සූරියරානි පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

223

ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකාවක, ටවර් හෝල් නූර්ති නාට්‍ය ශිල්පිනියක හා චිත්‍රපට රංගන ශිල්පිනියක වන දේශමාන්‍ය සූරියරානි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

 සාරවිට, දරුදුක, සැපත සොයා, වෙසතුරු සිරිත ඇතුළු චිත්‍රපට රැසක ද සිවම්මා ධනපාල, වෙස්සන්තර, අම්බපාලි, ශ්‍රී වික්‍රම, පද්මාවතී ඇතුළු ටවර් නාට්‍යවල ද ඇය රඟපෑවාය. වාi හා ගායන විශාරද ටී ෂෙල්ටන් පෙරේරාගේ වැඩිමහල් සොහොයුරිය හා ජනප්‍රිය රංගන ශිල්පිනි කුසුම් පෙරේරාගේ මෑණියන් ද වූ ඇය මියයන විට 81 වැනි වියේ පසුවූවාය.

 අවසන් කටයුතු බදාදා (12 දා) සවස 4.00 ට බොරැල්ල කනත්තේදී සිදු කරන අතර දේහය බොරැල්ල කනත්ත ඉදිරිපිට අවමංගල්‍ය ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment