ප්‍රවීණ ගී පද රචක තිස්ස ඩයස් දිවි සැරිය නිම කරයි

388

ප්‍රවීණ ගී පද රචකයෙකු වූ මාධ්‍යවේදී තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මියයන විට 64 හැවිරිදි වියේ පසුවිය.

එච් ආර් ජෝතිපාලයන් විසින් ගැයූ මේ නොනිමෙන දිවි ගමනේ, පුංචි දෝණි තරහා වෙලා, පියාණෙනි මා ඔබේ පුතු වේ වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කර තිබුණි.

දේහය අද රුක්මල්ගම පිහිටි ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment