ප්‍රශ්න.. ප්‍රශ්න.. හැම තැනම ප්‍රශ්න.. මවක් කඳුළු සළයි!

686

පාසලට ගෙනගිය දරුවා ආපහු එක්ක ගෙන එන්න ත්‍රිවීල් එකක් හොයා ගන්න විදිහක් නෑ. ත්‍රිවීල් තියෙන අය ඉන්ධන පෝළිම්වල. ළමයා හැමදාම පාසලට එක්ක යන ත්‍රිවීල් එකත් අද ආවෙ නෑ. ඒකත් ඉන්ධන පෝළිමේ. තම ළමයා නිවසට ඇරලීමට හිඟුරක්ගොඩ අක්කර හැත්තෑව මින්නේරිය ප්‍රාථමික පාසල අසලට පැමිණ සිටි මවක ඊයේ (16) දහවල් හැඬු කඳුළින් පැවසුවාය.

තම නම හෙළි නොකළ ඇය පැවසුවේ උදෑසන දරුවා නිතිපතා පාසල් රැගෙන යන ත්‍රිරෝද රථය නොපැමිණි බැවින් තමන් උදේ දරුවා වෙනත් ත්‍රිරෝද රථයක නංවා පාසලට යැවූ බවත් දහවල් 12.00ට දරුවා නැවත රැගෙන ඒමට වාහනයක් සොයා ගැනීමට නොහැකි වූ බවත්ය.

මේ අයුරින් තවදුරටත් කටයුතු කිරීම අපහසු බවත් පැවසූ ඇය වගකිවයුත්තන් කන් කොන් අල්ලමින් සිටින්නේ නැතිව මෙම ප්‍රශ්නවලට 225දෙනාම එක්වී දැන්වත් රට බේරාගැනීමට පියවර ගත යුතුව බවය. නැතහොත් ඉතා භයංකර තත්ත්වයක් රටේ ඇතිවිය හැකි බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

මින්නේරිය – සුජිත් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment