ප්‍රසන්නගේ ‘ගාඩි’ ජගත් සම්මානයට

321

14 වැනි ආසියානු ආසියා පැසිපික් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ සංස්කෘතික විවිධත්ව සම්මාන අංශයේ හොඳම චිත්‍රපටය ලෙස ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ගාඩි චිත්‍රපටය සම්මාන හිමිකර ගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාතික සම්මාන උළෙලක දී ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. මීට අදාළ සම්මානය ප්‍රසන්න විතානගේ වෙත සම්මාන උළලේ කමිටුව විසින් පසුගියදා පිරිනමනු ලැබීය.

ප්‍රසන්නගේ 'ගාඩි' ජගත් සම්මානයට

1814 වසරේදී බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලාංකික ජනතාව ගත කළ ජීවිතය අළලා ගාඩි චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා.

ප්‍රසන්නගේ දසවැනි සිනමා නිර්මාණය වන “ගාඩි” (CHILDREN OF THE SUN) කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූවකි.2007 දී ආරම්භ කළ Asia Pacific Screen Awards (APSA) සිනමා සම්මාන උළලේ 15 වැනි අදියර ලබන නොවැම්බර් මස 11 වැනිදා මෙරටදී පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment