ප්‍රසන්න, ලෙස්ටර්, ලලිත් ත්‍රිපුද්ගල සිතුවම් හා මූර්ති දැක්ම

338

කොළඹ කෞතුකාගාර පරිශ්‍රයේදී 03-17 දක්වා
චිත්‍ර කලාගාරයට කෞතුකාගාරයේ දොරගුළු විවර කරන්න…..

හෙළයේ මහා සිනමාකකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්‍ෂණය කළ විශිෂ්ටතම නිර්මාණයක් වන ‘සංදේශය’ සිනමා පටයෙහි කලා අධ්‍යක්‍ෂණය කරනු ලැබුවේ මෙරට සිටි අග්‍රගන්‍ය සිනමාකලා අධ්‍යක්‍ෂකවරයකු චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු වූ කලාශූරී ආරියවංශ වීරක්කොඩි විසිනි. තම පියාගේ අඩි පාරේ යමින් පින්සලය අතට ගන්නා ඔහුගේ පුත් ප්‍රසන්න වීරක්කොඩි ඇතුළු තවත් ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් වන ලෙස්ටර් පෙරේරා සහ මූර්ති ශිල්පියෙක් වන ලලිත් සේනානායක එක්ව සිදුකරන ත්‍රිපුද්ගල සිතුවම් හා මූර්ති ප්‍රදර්ශනය ලබන මස 03 වන දින සිට 17 දක්වා පෙ.ව.9.00 සිට රාත්‍රී 7.00 දක්වා කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙම චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය සඳහා නිර්මාණාත්මක අතින් ඉහළ වටිනාකමක් රැගත් චිත්‍ර සහ මූර්ති නිර්මාණ රැසක් ඉදිරිපත් කිරීමට නියමිත අතර එම ප්‍රදර්ශනය නම්කරනු ලබන්නේ Unseen Colors යනුවෙන්ය. ප්‍රදර්ශනය සඳහා ප්‍රසන්න වීරක්කොඩි විසින් චිත්‍රයට නගන ලද ඓතිහාසික සිදුවීම් රැසක් ඇතුළත්ය.

ප්‍රසන්න, ලෙස්ටර්, ලලිත් ත්‍රිපුද්ගල සිතුවම් හා මූර්ති දැක්ම

Unseen Colors සිතුවම් දැක්ම පිණිස තම තෙලිතුඩින් දායකත්වය සපයන ලෙස්ටර් පෙරේරා මෙරට සිටින තවත් ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියෙක්ය. වනජීවීන් සහ ඔවුන්ගේ ජීවන රටාවන් පිළිබඳ දීර්ඝ කාලීන පර්යේෂණ ක්‍රියාවලියක නිරත ලෙස්ටර් පෙරේරා විසින් සිතුවමට නගන ලද වනජීවීන්ගේ රුව රැගත් සිතුවම් රැසක්ද මෙම ප්‍රදර්ශනයේදී දැකබලා ගත හැක. ඊට අමතරව දෙස් විදෙස්හි ප්‍රකට මූර්ති ශිල්පියෙක් වන ලලිත් සේනානායක විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට නිර්මාණයන් ගණනාවක්ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත්ය. මෙම චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳව ඔවුන්ගෙන් විමසීමේදී සඳහන් කර සිටියේ මෙවැන්නකි.

ප්‍රසන්න, ලෙස්ටර්, ලලිත් ත්‍රිපුද්ගල සිතුවම් හා මූර්ති දැක්ම

“ඇත්තටම අපිට ඕන වෙලා තිබුණා එකතුවෙලා වැඩක් කරන්න. ඒ හරහා චිත්‍ර ශිල්පීන් අතර එකමුතුවක් ඇති කිරීම අපේ එක් අපේක්‍ෂාවක් බවට පත්වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කටයුත්ත සංවිධානය වෙන්නෙ. අපේ රටේ චිත්‍ර ශිල්පීන් ගත්විට ඒ අයට හැමදාමත් තිබුණ ගැටලුවක් තමයි ප්‍රමාණවත් තරම් පහසුකම් සහිත ප්‍රදර්ශනාගාරයක් නොතිබීම. මේ සඳහා පෞද්ගලික කලාගාර එහෙමත් නැත්නම් ප්‍රදර්ශනාගාර තිබුණත් ඒ සඳහා ලොකු වියදමක් දරන්න වෙනව. නමුත් චිත්‍ර ශිල්පීන්ගෙන් වැඩි දෙනෙකුට එවැනි පිරිවැයක් දරන්න තරම් ආර්ථික ශක්තියක් නැහැ. අපි කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන්නෙ අපේ කලාකරුවන්ටත් තමන්ගෙ නිර්මාණ ජනතාව අතරට රැගෙන යන්න ඒ පහසුකම් සකසල දෙන්න කියලා. මොකද තමන්ගේ නිර්මාණ හැකියාවන් එළිදක්වන්න තැනක් නැතිව තවත් චිත්‍ර ශිල්පීන් විශාල ප්‍රමාණයක් ඉන්නව.

ප්‍රසන්න, ලෙස්ටර්, ලලිත් ත්‍රිපුද්ගල සිතුවම් හා මූර්ති දැක්ම

ඉතින් අපි විශ්වාස කරනව ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ අපේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් පැවැත්වීම පිණිස ගත් ආරම්භය හරහා ඒ කටයුත්ත ඉදිරියටත් යාවත්කාලීන වේවි කියලා…”

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment