ප‍්‍රසිද්ධ අය නඩුවලින් නිදහස් වන්නේ පැමිණිල්ල මෙහෙයවන අයගේ වරදින්

209

දේශපාලනඥයන්ගේ හෝ වෙනත් ප‍්‍රසිද්ධ අයගේ නඩුවල චූදිතයන් අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කෙරෙනුයේ විනිසුරුවරුන්ගේ වරදින් නොව පැමිණිල්ල මෙහෙයවන පොලිසිය, නීතිපති හෝ අල්ලස් දෙපාර්තමේන්තුවේ වරදින් යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පැමිණිල්ල මෙහෙයවන එම රාජ්‍ය ආයතන පැමිණිල්ල දුර්වල ලෙස මෙහෙයවීම නිසා අදාළ ප‍්‍රසිද්ධ චූදිතයන් නිදොස් කොට නිදහස් වන බව ද හෙතෙම සඳහන් කළේය.

එබැවින් ‘නිදොස් කොට නිදහස් බවට’ ලැබෙන තීන්දුවලට විනිසුරුවරුන්ට දොස් කීමෙන් පලක් නැති බවත්, ඊට ප‍්‍රධාන වශයෙන් ම වගකිවයුත්තේ පැමිණිල්ල දුර්වල ලෙස මෙහෙයවන අය බවත් ඒ මහතා පැවසීය.

එවැනි තීන්දුවලට බෙහෙවින් බලපානුයේ අධිකරණයට ඉදිරිපත් කෙරෙන දුර්වල ලිපිගොනු, සාක්‍ෂි බවද කිරිඇල්ල මන්ත‍්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment