ප්‍රසිද්ධ සමාගම් ලේබලයකින් ව්‍යාජ මත්පැන් තොගයක් දැදිගම කුකුළු ගොවි පළක සැකකරු මාට්ටු

117

ප්‍රසිද්ධ සමාගමක ලේබලයකින් යුත් ව්‍යාජ මත්පැන් මිලි ලීටර් 30,060ක් දැදිගම ප්‍රදේශයේ කුකුළු ගොවි පළක සගවා තිබිය දී සැකකරුවකු සමග කෑගල්ල සුරාබදු කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව කෑගල්ල සුරාබදු කාර්යාලය පවසයි. මෙම මත්පැන් තොගය කාලේ කුප්පි 167 ක තිබී ඇති අතර සැකකරු හා මත්පැන් තොගය මෙම තුල්හිරිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව සැකකරුට රුපියල් ලක්ෂ 2 දඩ මුදලක් ද, මත්පැන් තොගය අධිකරණය භාරයේ රදවා තැබීමටද තුල්හිරිය අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මහත්මිය නියම කර තිබෙයි.

අද (5) හා හෙට (6) යන දිනවල සුරාසල් වසා තැබීම හේතුවෙන් මෙම මත්පැන් වරකාපොළ හා අවට ප්‍රදේශවල විකිණීම සඳහා සගවා තැබන්නට ඇතැයි සුරුබදු නිලධාරීහු විස්වාස කරති.

මෙම වැටලීම සබරගමුව පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත ද කොස්තා මහතාගේ උපදෙස් මත කෑගල්ල සුරාබදු අධිකාරි ඔස්මන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ කෑගල්ල සුරාබදු ස්ථානාධිපති විනීත රත්නායක, සුරාබදු පරීක්ෂකවරුන් වන අලවත්තේගම, රත්නායක, සුරාබදු සැරයන් රාජපක්ෂ, සුරාබදු කෝප්‍රල්වරුන් වන වසන්ත, භාරත, අතපත්තු, සුරාබදු නියාමක මහේෂ්, සුරාබදු රියැදුරන් වන දිනූෂ හා ගෝවින්ද යන අය මෙම වැටලීමට සහභාගි වී තිබේ.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment