ප්‍රහාරයට විරෝධය  පළ කළ යුත්තේ සාමකාමීවයි – කාදිනල්තුමා කියයි

190

අගමැතිවරයාගේ නිවසේ සිට පැමිණ විරෝධතාකරුවන්ට කළ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ මවිතයට පත්ව සිටින බවත් එම සිද්ධියට විරෝධය පළ කළ යුතු වුවත් එය කළ යුත්තේ සාමකාමීව හා හිංසනයෙන් තොරව යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කියා සිටිති.

 කාදිනල්තුමා මෙසේ ද කීහ.

 අරලියගහ මන්දිරයෙන් පිටත් වුණ අය ක්‍රියාකළ ආකාරය නින්දිතයි. අපි එය පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා. ප්‍රචණ්ඩත්වයට ඉඩදී පොලිසිය ඉතා නින්දිත ලෙස ඒ දෙස බලාගෙන සිටි ආකාරය අපි දැක්කා. අගමැතිවරයාගේ නිවසින් පිටත්වෙලා ආපු කණ්ඩායමක් මේ කළ දේ පිළිබඳව අපි මවිතයට පත්වෙනවා. ඒ කළ දේ පිළිබඳව අපි විරෝධය පළ කරනවා. මේ කළ දේට විරෝධය පළ කළ යුතු වුවත් එය සාමකාමීව සිදුකළ යුතුයි. මේ වෙලාවේ මුළු රටම ඒ කළ දේට විරෝධය පළ කළ යුතුයි.

 පොලිස් නිලධාරීන් මෙවැනි අවස්ථාවලදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ කල්පනා කළ යුතුයි. පොලිසියත් තම මූලික වගකීම ඉටුකළ යුතුයි. දේශපාලන අතකොලු බවට පත්විය යුතු නෑ. අගමැතිවරයෙක් මෙවැනි තැනකට පත් කරන්නට ඉඩ හැරීම ගැන අපට කනගාටුයි.

advertistmentadvertistment
advertistmentadvertistment