‘ප්‍රාණ’ අන්තවාදී කථාවක් නොවේ – අධ්‍යක්‍ෂ සංජය නිර්මාල්

208

සම්මාන බලාගෙන චිත්‍රපටය හැදුවේ නෑ
සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වුණු ‘ප්‍රාණ’ අධ්‍යක්‍ෂණය හා තිර රචනය සංජය නිර්මාල් ගෙනි. පහතින් පෙළ ගැසෙන්නේ ඔහුත් සමග සිදුකළ සාකච්ඡාවක පෙළගැස්මකි.

● අතීත කතාවක් පාදක කරගෙන නිර්මාණය වුණු ප්‍රාණ සිනමා නිර්මාණයට මූලික අඩිතාලම වැටුණේ කොහොම ද?
ඇත්තට ම මේ අදහස ආවේ පාස්කු ප්‍රහාරයේ ඇතිවුණ කම්පනය පිටදාගැනීමේ ක්‍රමවේදයක් හොයමින් සිටින අවස්ථාවක. මේ කතාව ඉතිහාසය ගතවෙන්න යන ක්‍රමය පිළිබඳව ලොකු කම්පනයක් තිබුණා. මේක ඉතිහාස පොතේ ලියැවෙන්න යන්න සම්පූර්ණයෙන්ම වෙනස් විදිහක එකක් බවට මට පෙනෙන්න ගත්තෙ. ඊට පස්සේ මම උත්සාහ කරමින් හිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යමක් කරන්න. ඒ සඳහා තොරතුරු සොයමින් සිටින අතරතුර තමයි මට මේ මන්නාරමේ සත්‍ය සිදුවීම් ගැන අදහස් ගැන දැනගන්න හම්බ වෙන්නේ. ඒක අධ්‍යයනය කරලා බැලුවහම පාස්කු ප්‍රහාරය වගේම සිද්ධියක් වෙලා තියෙනවා. සිද්ධිය එක පැත්තකින් පෘතුගීසීන්. අනෙක් පැත්තෙන් රජවරු බලධාරීන් අතර තිබුණු දේශපාලන යුද්ධයට අහිංසක මිනිස්සු බිලිවෙච්ච වෙලාවක්. ඒකමයි පාස්කු ප්‍රහාරයෙන් වුණේ කියලා මට පේන්නේ 1544 සිදුවෙච්ච මේ මහා සංහාරය ඔස්සෙත් ඒ දේමයි එළියට එන්නේ. ඒ දේමයි සිද්ධවෙලා තියෙන්නේ කියලා මට දැනෙන්න පටන් ගත්තා. ඔය කතාව මට දැනගන්න හම්බවෙන්නේ ෆාදර් ප්‍රසාද් හර්ෂන් හරහා.

‘ප්‍රාණ’ අන්තවාදී කථාවක් නොවේ - අධ්‍යක්‍ෂ සංජය නිර්මාල්

● ඉතිං ඒ අනුව තමයි මට මේ කතාවට අවැසි වස්තු බීජය හමුවෙන්නේ. මන්නාරම් ද්‍රෝණියේ සිදුවුණු මහා සංහාරයේ සත්‍ය සිදුවීම් වුණු ස්ථානවලම ද ප්‍රාණ රූගත කිරීම් සිදුකරන්නේ?
බොහෝදුරට. අපි රූගත කිරීම් සිදුකළේ සවුන්බාර් කියන ප්‍රදේශවල. ඒ මැරිච්ච  අයගේ ඉතුරු වෙච්ච අයගේ ඒ සනුහරවලින් පැවැත ගෙන එන මිනිස්සු ප්‍රාණ හි සියලු අවශේෂ චරිතවලට රඟපෑවා. ඒ අයගේ මේ වේදනාව මේ ප්‍රකාශ කර ගන්න බැරි හැංගිලා ගිය කතාවේ ඇත්ත කතාව එළියට ගන්න ඒ අයට තියෙන වුවමනාව වගේම ඒ භූමියෙනුත් අපිට සහයෝගය හම්බ වුණා.

● නළු නළියන් තෝරාගැනීම් සිදුකළේ කොහොමද?
 
නළු වරණයේදී අපි දමිළ ජනතාව වෙනුවෙන් දමිළ ජනතාව ම පාවිච්චි කරන්න මුල ඉඳල ම තීරණය කරලා තිබුණා. ලංකාවේ ගොඩක් කරන්නේ සිංහල අය දෙමළ ඇක්ෂන් එකක කතා කරමින් දෙමළ චරිත කරනවා. ඉංග්‍රීසි චරිත ටිකක් සුදු අය අරගෙන කරනවා. එහෙම නැතිව ම හරියට ම චරිතය ගේන්න පුළුවන් පාට සහ භාෂා විලාසයක් තියෙන අය යොගන්න තමයි මුල ඉඳල උත්සාහ කළේ.

‘ප්‍රාණ’ අන්තවාදී කථාවක් නොවේ - අධ්‍යක්‍ෂ සංජය නිර්මාල්
‘ප්‍රාණ’ අන්තවාදී කථාවක් නොවේ - අධ්‍යක්‍ෂ සංජය නිර්මාල්

● ප්‍රාණ නිර්මාණයට ඉදිරියේදී විවිධ චෝදනා, විචාර එල්ලවෙන්න පුළුවන්. ඒවා අධ්‍යක්‍ෂවරයා විදිහට ඔබ භාරගන්න සූදානම් ද?
ඔව්. මේ හැම දෙයකට චෝදනා කරන්න පුළුවන්. නමුත් චෝදනාවලට බයේ අපි මොකුත් මේ ෆිල්ම් එකේ කළේ නෑ. කාගෙවත් පැත්තක් ගන්නේ නැතිව අන්තවාදී නොවී කතාව කියන එක තමයි කළේ. මේකේ සංගිලි හරිද?

පෘතුගීසි හරිද? ඉංග්‍රීසි හරිද? කවුද හරි කවුද වැරදි කියන්නේ නැතිව අපි මේකේ සිද්ධිය අරගෙන ඒ සිද්ධිය පසුතලයේ තියලා ඒ සිද්ධියට මුහුණ දුන්නු මිනිස්සු දෙන්නකු ගේ කතාන්දරය තමයි මේක අස්සේ ගේන්නේ. රැඟුම් පාලක මණ්ඩලයෙනුත් භාෂා තුනේම චිත්‍රපට තුනට කිසිම ප්‍රශ්නයක් නැතිව අපිට අනුමැතිය හම්බ වුණා.

● ‘ප්‍රාණ’ ත්‍රෛභාෂාවලින් තිරගත කරන්න හිතුවේ ඇයි?
ඇත්තට ම කතාව සිද්ධවෙලා තියෙන්නේ යුරෝපීය ජාතිකයන් සහ ද්‍රවිඩ ජාතිකයන් අතර. එතකොට අපිට එතැනම සිංහල භාෂාව යොදාගන්නම බැහැනේ. ඒ දෙගොල්ලන්ගෙන් කවුරු හරි හෝ සිංහලෙන් කතා කිරීම අනවශ්‍යයි. ඒ නිසා අපිට ඕනෑ වුණා ඉංග්‍රීසි භාෂාවෙන් යුරෝපයේ පොයින්ට් ඔෆ් ටීවී එකක් අනෙක් පැත්තෙන් දමිළ භාෂාවෙන්ම ඔවුන්ගේ කොටසක් කරන්න. එතකොට අපි මේකේ ඔරිජිනල් චිත්‍රපටය ෂූට් කළේ ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන්. පස්සේ ලංකාව ඇතුළේ ඉන්න මහා සිංහල ප්‍රේක්‍ෂකාගාරයට සිංහලෙන් හඬකවලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මේක දමිළ භාෂාවට සහ සිංහල භාෂාවට හඬකවලා තියෙන්නේ. එතකොට ඔරිජිනල් ෆිල්ම් එක දමිළ සහ ඉංග්‍රීසි තමයි තියෙන්නේ.

‘ප්‍රාණ’ අන්තවාදී කථාවක් නොවේ - අධ්‍යක්‍ෂ සංජය නිර්මාල්
‘ප්‍රාණ’ අන්තවාදී කථාවක් නොවේ - අධ්‍යක්‍ෂ සංජය නිර්මාල්

● රූගත කිරීමේදී මුහුණදුන් අභියෝග මොනවා ද?
මුළු රූගත කිරීම ම අභියෝගයක්. අපි මේක කළේ කොරෝනා හොඳට ම තියෙන කාලේ. එතකොට මන්නාරමට කොරෝනා යමින් තිබෙන වකවානුවක්. එතකොට අපි නිර්මාණය කළ දර්ශනතලවලට යෑම පවා ලොකු අභියෝගයක් වුණා. අනෙක් පැත්තෙන් අපේ වියදම් සීමා කිරීමේ අභියෝගයට ද මුහුණ දෙන්න සිදුවුණා.

● “ප්‍රාණ” නිර්මාණය කළේ මෙරට සහ අන්තර්ජාතික සම්මාන උළෙලවල් නියෝජනය කිරීමේ පරමාර්ථය ඇතිවද?
සම්මාන කියන එක මම පුද්ගලිකව ලොකුවට හිතන දෙයක් නෙමෙයි. මොකද සම්මාන උළෙලවල් කියන්නේ ඒ ඒ සම්මාන උළෙලවල් න්‍යාය පත්‍ර අනුව වැඩ කරන ඒවා කොටින්ම ඔස්කාර් සම්මාන උළෙල පවා ඔවුන්ට අදාළ න්‍යාය පත්‍ර මතයි කාරණා කටයුතු කරගෙන යන්නේ. ඉතිං මේක පිටරට සම්මාන උළෙලවල් අරමුණු කරගෙන කරපු චිත්‍රපටයක් නෙමෙයි. මේක ඇතුළේ සම්මාන ඇගයීම් ගැන ලොකුවට හිතුවෙත් නැහැ.

නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment