ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වහන්න එපා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

162

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් සියලු ප්‍රාදේශීය සේවාවන් ලබන 31 දා සිට වසා දැමීමට ගෙන ඇති තීරණය නවත්වා කුමන හෝ වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

ගුවන් විදුලි සේවා වසා දැමීමට වගකිවයුත්තන් කවුද කියා හෙළි කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ඇති සියලු ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා මෙහෙයුම් කටයුතු ලබන 31 වැනිදා සිට අත්හිටුවන්න යනවා ආර්ථික ප්‍රශ්න නිසා.

රජරට සේවය, රුහුණු සේවය, කඳුරට සේවය, යාල් එෆ් එම්, දඹාන එෆ් එම්, වයඹ රේඩියෝ නවත්තන්න යනවා. මේකට හේතුව මොකක්ද කවුද වගකිව යුත්තේ අකාර්යක්ෂමතාව ඇතිකළේ කවුද?

දශක ගණනාවක් විශිෂ්ට සේවාවක් මේ සේවාවන් කළා. කාගේ අකාර්යක්ෂමතාවයක් නිසාද මේ තත්ත්වයට පත් වුණේ. ඉදිරියට කරගෙන යෑමට යම් වැඩපිළිවෙළක් කරන්න. වහන්න එපා. විශාල ප්‍රමාණයක් එහි සේවය කරනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. මූල්‍ය ශකතියක් පිටතින් ගෙන හෝ පුද්ගලික අංශ සමඟ එකතුවෙලා හෝ මේවා පවත්වාගෙන යන්න.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී උදයන කිරිඳිගොඩ

ප්‍රාදේශීය සේවා කලා ක්‍ෂේත්‍රයට බොහෝ සේවාවක් ඉටුකළා. කඳුරට සේවය, රජරට සේවය, කලාකරුවන් රැසක් බිහි කළා. රජරට සේවය මගින් ගුණදාස කපුගේ වැනි දැවැන්තයන් බිහි කළා.

මේවා වැසීම තුළ අනාගත කලාවට බලපෑමක් ඇතිවෙනවා. අනාගත පරම්පරාවට ඉදිරියට ඒමට අවස්ථාව තිබිය යුතුයි. ඒ ගැන සිතා බලන්න.
රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment