ප්‍රාදේශීය සභාවේ හා පළාත් වාසීන්ගේ දැඩි විරෝධය නිසා නිලාවරෙයි බුදු පිළිමය ඉවත් කරයි

726

යාපනයේ පුතූර් නිලාවරෙයි ප්‍රදේශයේ පිහිටි බෝධිය අසල ස්ථාපිත කරන ලද බුදු පිළිමයක් ප්‍රාදේශීය සභාවේ හා පළාත් වාසීන්ගේ දැඩි විරෝධය නිසා 25 දා ගලවා ඉවත් කොට තිබේ.

එම බුදු පිළිමය එම ස්ථානයේ තැන්පත් කොට ඇත්තේ ඊට පෙර දින රාත්‍රියේදීය.

ප්‍රාදේශීය සභාවේ හා පළාත් වාසීන්ගේ දැඩි විරෝධය නිසා නිලාවරෙයි බුදු පිළිමය ඉවත් කරයි

නිලාවරෙයි ප්‍රදේශයේ පතුල නොපෙනෙන ළිඳ පිහිටා ඇති නිසා බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර විශාල බෝධියක්ද එහි වෙයි.

බුදු පිළිමය තැන්පත් කළ පිරිස බෝධිය අසල තනන ලද පිළිම ගෙයක බුදු පිළිමය තැන්පත් කොට තිබූ අතර උදෑසන වෙත්ම ඒ සඳහා නැගුණු විරෝධයක් නිසා පළාතේ ආරක්ෂාව බාරව සිටින යුද හමුදා නිලධාරීන් හා පොලිසිය පැමිණ බුදු පිළිමය එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඇත.

යාපනයේ පුතූර් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලු‍ පිරිස ප්‍රකාශ කොට ඇත්තේ ප්‍රාදේශීය සභාවේ අවසරයකින් තොරව බුදු පිළිමයක් තැබීම හෝ නව ඉදිකිරීමක් සිදු කළ නොහැකි නිසා එම බුදු පිළිමය වහාම එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment