ප්‍රියංකා එක්ක කිසිම බිස්නස් එකක් කළේ නෑ – මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති

340

කොළඹ නාගරික මන්ත්‍රිනී ප්‍රියංකා ජයසේකර මහත්මිය සමඟ තමා කිසිදු ව්‍යාපාරික කටයුත්තක නිරත වී නැතැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (17දා) ‘දිවයින’ට පැවසූහ.
එවැනි චෝදනාවක් කරන්නේ නම් එම ව්‍යාපාරය කුමක්දැයි රටට පවසන ලෙස ද උන්වහන්සේ නාගරික මන්ත්‍රීවරියට අභියෝග කළහ.

වසර ගණනාවකට පෙර එක්තරා පුවත්පතක් පාඩු ලැබීම නිසා එය තවදුරටත් පවත්වාගෙන යාමට ආයෝජකයකු සොයා ගැනීමට උදව් කළ බවත් එහිදී තමන් වහන්සේ නාගරික මන්ත්‍රීවරිය ඒ සඳහා සම්බන්ධ කළ බවත් උන්වහන්සේ කීහ.

එකී පුවත්පතේ මාධ්‍යවේදීන්ගේ ඉල්ලීමට අනුව තමා මෙම කටයුත්තට මැදිහත් වුණා මිස ව්‍යාපාරික අරමුණකින් කටයුතු නොකළ බවත් මුරුත්තෙට්ටුවේ හිමියෝ පැවසූහ.

එම පුවත්පතේ කටයුතු කරගෙන යෑමේදී කුලී නොගෙවීම මත එය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු වූ බවත් එහිදී තමන්වහන්සේගේ නාරාහේන්පිට අභයාරාමයේ ඉඩකඩ නොමිලේ ලබාදීමට කටයුතු කළ බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment