ප්‍රියමාලිගේ දුරකථනවලින් රහස් රැසක් එළියට

1352

කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන තිළිණි ප්‍රියමාලි නමැත්තිය රිමාන්ඩ් භාරයේදී පරිහරණය කළ ජංගම දුරකථන දෙක වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසියට භාරදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා දිවයින ට පැවසීය.

මේ අනුව මෙම දුරකථන දෙකෙන් මෙම මහා වංචාව පිළිබඳව සැඟවුණු තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවන බව සී අයි ඩීය විශ්වාසය පළ කරයි.

මෙම කාන්තාව රක්‍ෂිත බන්ධනාගාරයේ සිට ඇමතුම් ලබාගත් දුරකථන අංක වලින් විමර්ශන කටයුතුවලට සහායක් ලැබෙන බවද මෙම කාන්තාවට ජංගම දුරකථන ලැබීම හේතුවෙන් විමර්ශන කටයුතුවලින් මෙතෙක් හෙළි නොවූ වැදගත් තොරතුරු රැසක් හෙළිවිය හැකි බවද පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment