ප්‍රියමාලිගේ ප්‍රශ්නය ‘ජීවා’ තිරගත කිරීමට බලපෑමක් නෑ – ජීවන් කුමාරතුංග

276

80 සහ 90 දශකය තුළ ලාංකීය සිනමාවේ දැවැන්තයකු වූ ජීවන් කුමාරතුංගයන්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන “ජීවා” සිනමා පටය පිළිබඳ මෑත කාලයේ ඇතිවුණ කතාබහ ගැන අපි ජීවන් කුමාරතුංග සමග පිළිසඳරක යෙදුණා.

● ජීවන්ගේ “ජීවා” චිත්‍රපටය ඉක්මණින්ම තිරගත කරන්න අදහසක් නැද්ද?

මුලින්ම කියන්න ඕනේ “ජීවා” චිත්‍රපටය මගේ ජීවිත කතාව නෙවෙයි. මාධ්‍යයෙන් එහෙම දෙයක් පවසනවා මමත් අහගෙන හිටියා. ඒ කතාවේ චරිතයේ නම ජීවා වුණාට මගේ ජීවිතේට එහි කිසිම සම්බන්ධයක් නැහැ. මගේ නම “ජීවන්” නේ. මේ චිත්‍රපටය මම අධ්‍යක්ෂණය කළ පළමු වෙනි චිත්‍රපටයයි. මේ චිත්‍රපටය බොහෝම සරල වාණිජ කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්. චිත්‍රපටයේ පිටපත තුළින් මම බලාපොරොත්තුවෙන්නෙත් එදා සුපිරි ම යුගය ලෙස හඳුන්වන අපේ කාලේ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ගේ අවධානයට යොමුකර ගැනීමයි. මම හිතනවා ඒක සාර්ථකව ඉටුකර ගන්න පුළුවන් කියලා. අපි ඉතා ඉක්මණින් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා සූදානම් කරලා තියෙනවා.

ප්‍රියමාලිගේ ප්‍රශ්නය 'ජීවා' තිරගත කිරීමට බලපෑමක් නෑ - ජීවන් කුමාරතුංග

● “ජීවා” චිත්‍රපටය රසිකයන්ට කවදාවගේ නරඹන්න ලැබේවි ද?

ඇත්තට ම මේ වනවිට සම්පූර්ණයෙන්ම කරලා අවසන්. අපි මේක ටිකක් ප්‍රමාද කර කර හිටියේ මේ ආර්ථික පසුබිම ටිකක් සයනය වෙනකම්. මම හිතනවා ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම මෙය ප්‍රදර්ශනය කිරීමට පුළුවන්වෙයි කියලා.

● මේ වෙනකොට එහි නිෂ්පාදිකා ප්‍රියමාලි පිළිබඳ ගැටලු මතුවෙලා තියෙනවනේ ද?

ඒක බාධාවක් වෙන්නේ නෑ. ‘ජීවා’ නිෂ්පාදනයට යම් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ඇය ඒක නීතී මාර්ගයෙන් නිරාකරණය කරගනීවී. නමුත් අපිට මේ නිර්මාණයට එය කිසිම විදියකට බාධාවක් වෙන්නෙ නෑ.

● අපේ රටේ සිනමා කර්මාන්තය ගත්තම එදා සහ අද වනවිට අත්වෙලා තියෙන ඉරණම ගැන කතා කළොත්?

ඇත්තට ම බොහෝම කනගාටුදායකයි. මේ පවතින තත්ත්වය ගැන මම සතුටු වෙන්නේ නැහැ. ඇත්තට ම සිනමා කර්මාන්තය මේ අවාසනාවන්ත තත්ත්වයට පත්වුණේ සහ දැඩි බලපෑමක් එල්ලවුණේ දීර්ඝකාලයක් තිස්සේ රටේ පැවැතිච්ච වතාවරණය නිසා තමයි. මේක එක දවසකින් සිදුවුණු දෙයක් නෙවෙයි. 83 සිනමා ශාලා ගිනි තැබීම්වලින් ආරම්භ වුණු කැරැල්ල සහ අවුරුදු 30ක යුද්ධය, වැනි මෙවැනි දෑ නිසා සිනමා කර්මාන්තය එන්න එන්නම රටේ පහළ තත්ත්වයට වැටිලා තියෙනවා. ඇත්තටම ලොකු කලකිරීමකින් ඉන්නේ ඒ ගැන. අද බොහෝ දක්ෂතා තියෙන නවකයන් සිටියත් ඔවුන්ට මේ කර්මාන්තය නිසා ඔවුන්ගේ ඉදිරි පැවැත්මටත්, හැකියාවන් ප්‍රදර්ශනය කිරීමටත් අවස්ථාවන් අහිමිවෙලා තියෙනවා. ඉතිං මේක හරිම කනගාටුදායක තත්ත්වයක්.

● ඔබ පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ මඩගැසීම්වලට ලක්වුණා නේද?

ඔව්. මම ඒ දෙස බැලුවේ බොහෝම උපේක්ෂාවෙන්. මොකද මම මගේ හෘද සාක්ෂියට එකඟව නිවැරදිව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ අනිත් බාහිර කාරණා මම පිළිගන්නෙ නැහැ.

● පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment