ප්‍රියමාලිගේ මුදල් වංචා ගැන ඥානසාර හිමිගෙන් හා රියාද් බදුර්දීන්ගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි

165

ව්‍යාපාරිකයන් රැසක් රවටා රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් කළ බවට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිද්ධියේ විමර්ශනවලට අදාළව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (12 දා) පැය තුනහමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව පෙරේදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමට අනුව උන්වහන්සේ එම දෙපාර්තමේන්තුව වෙත වැඩම කළහ. පෙරේදා සවස තුනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි උන්වහන්සේ සවස 6.30ට පිටව ගියහ. මේ අතර තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිද්ධියේ විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයකු වන රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොහොයුරකු වන රියාද් බදුර්දීන්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය දෙකක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
හේමන්ත රන්දුණු සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment